වසර 5ක් තිස්සේ ආදායම් වියදම් වාර්තා නෑ.. රාජ්‍ය ආයතන 36ක පැටිකිරිය හෙළිවෙයි.!

වසර 5කට අධික කාලයක සිට රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධිකාරි සහ රාජ්‍ය සමාගම් 36ක මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබා නොදීමෙන් අදාළ රාජ්‍ය ආයතන 36හි ආදායම් වියදම් මෙන්ම ලාභ අලාභ ගණනය කරගත නොහැකිව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව බරපතළ අර්බුදයකට මුහුණ දී ඇත.

එම සමාගම් 36හි මූල්‍ය ප්‍රකාශන ⁣ලබා නොදීම සම්බන්ධයෙන් විගණකාධිපති වාර්ෂික වාර්තාවේ සඳහන් කර ඇති අතර එම වාර්තාවට අනුව තේ ශක්ති අරමුදල 2017 වසරෙන් පසු කිසිදු මූල්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති අතර 2018 වසරෙන් පසුව ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව සහ ධීවර සංස්ථාව කිසිදු මූල්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව විගණන වාර්තාව සඳහන් කරයි.

මෙම ආයතනවල අලාභ කිසිවක් පිළිබඳව කිසිදු අදහසක් විගණකාධිපති දෙපාර්තමේන්තුව සතු නොවන අතර එම ආයතන සම්බන්ධයෙන් වගකීම දරන මහා භාණ්ඩාගාරය හෝ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවද ඒ පිළිබඳ නිසි අධීක්ෂණයක් සිදුකර නැති බවද විගණන වාර්තාව සඳහන් කරයි.

වාර්ෂික වාර්තාවේ සඳහන් වන පරිදි රාජ්‍ය සමාගම් 13ක් නියමිත කාලයට මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර නොමැති අතර ලංකා සතොස, මිකෝ පෞද්ගලික සමාගම හා කුකුළු පාලන සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ධීවර සංස්ථාව ඇතුළු සංස්ථා හතරක්, ව්‍යවස්ථාපිත මණ්ඩල හයක්ද, ව්‍යවස්ථාපිත අධිකාරි තුනක්ද, වෙනත් ව්‍යවස්ථාපිත ආයතන දහතුනක් මෙලෙස මූල්‍ය ප්‍රකාශ ලබාදී නැත.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments