රජයේ ප්‍රතිපත්තියට අනුව අද සිට අලුත් වෙනසක්.!

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද (21) දිනයේ සිට ආරම්භ කරන බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවලදී කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ සලසා ඇති බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රටතුළ ස්ථාපිත කිරීම උදෙසා නව තාක්ෂණය යොදා ගනිමින් ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මුලික කරගනිමින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙලට අනුව මෙය ආරම්භ කරන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව අන්තර් හුවමාරු 35ක් සහ පිටවීම් ගේට්ටු 119ක් තුළ අදාළ සේවා පහසුකම් අද දින සිට ක්‍රියාත්මක වේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments