රජයට කෝටි 572ක වැට් පොල්ලක්.!

පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කර පිරිපහදු කර අලෙවි කිරීමේදී වැට් නොගෙවීම නිසා 2024 වසරේදී රජයට රුපියල් කෝටි 572ක් පාඩුවී ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රි එස්.එම්. මරික්කාර් පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කර පිරිපහදු කර අලෙවි කිරීමේදී වැට් ගෙවිය යුතු වුවද ඇතැම් සමාගම් එසේ වැට් නොගෙවා පැහැර හැර ඇති බවද මන්ත්‍රි එස්.එම්. මරික්කාර් සදහන් කරයි.

මේ සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කාලයේදී කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර ඔහුගේ පාලන කාලය තුළ 2024 ජනවාරි (01) වැනිදා සිට සැප්තැම්බර් (30) දක්වා කාලය තුළ රුපියල් කෝටි 500ක බද්දක් ගෙවා නැති බවද මන්ත්‍රිවරයා සදහන් කරයි.

පසුගිය ඔක්තෝබර් සිට – දෙසැම්බර් (31) දක්වා කාලය තුළ පොල්තෙල් කිලෝග්‍රෑම් මිලියන 4.83ක් ආනයනය කර ඇති බවත් එම පොල්තෙල් පිරිපහදු කර අලෙවි කිරීමේදී වැට් බදු ලෙස රජයට රුපියල් කෝටි 72.7ක වැට් බදු පාඩුවක් සිදුව ඇතැයිද මන්ත්‍රීවරයා සදහන් කරයි.

Loading

We are happy to invite you.