By unusuma.lk on
(LK time)අද (14) දිනයේ සිට සියලුම ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය සදහන් කරයි.
අනාරක්ෂිත, ජනශුන්‍ය ප්‍රදේශවල පවත්වාගෙන යන කාර්යාල වසා දැමීම සහ ආරක්ෂාව තහවුරුවන ස්ථානයක සිට කාර්යාල කටයුතු සිදුකිරීමට කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික් සභාපති ශාමලී වත්සලා කුලතුංග සදහන් කළාය.
මේ සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සදහන් කළේ, රාත්‍රි සේවා මුරවල යෙදී සිටින කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.