ඉල්ලා අස් වූ බව කියන බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ප්‍රකාශයක්.!

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතා පවසන්නේ තමා ධූරයෙන් ඉවත්ව ඇතැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බවයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ තමා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය භාරගත්තේ රටට සේවයක් කීරීමට බවත්ය.

එමෙන්ම තමා කිසිදු ආගමික හෝ ජාති බේදයකින් තොරව කටයුතු කරන බවත් ඊයේ (15) දහවල් ද භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දහවල් දානය පිරිනැමීමකට දායක වූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Loading

We are happy to invite you.