By unusuma.lk on
(LK time)සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි විසින් පවසන්නේ පසුගිය කාලයේ රුපියල් 76,000කට අලෙවි කල පිළිකා රෝගය සඳහා යොදාගන්නා බෙහෙතක මිල රුපියල් 370කට ලබාගත හැකි බවයි.
පසුගිය 17 උඩුනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අනාවරණය කර සිටියේ මේ වනවිට එම බෙහෙත ඒ සමාගමම දැන් රුපියල් තුන්සිය හැත්තෑවට (370) ලබාදෙන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වරයා
“පසුගිය කාලයේ පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය එක් එන්නතක මිල රුපියල් හැත්තෑ හය දහසක් (76000) පමණක් වුනා, මේ බෙහෙත ලබාගත්තේ ගෙවල් විකුණල. ඒ බෙහෙත ගෙන්නුවේ එක සමාගමකින් අපි රජය බාරගත්තට පස්සෙ මේ බෙහෙත ගෙන්වන්න සමාගම් තුනක් ආරම්භ කළා.
මෙතැනදි මට හරි දුකක් දැණුන පාසල්වල අළුත්වැඩියා සඳහා රුපියල් මිලියන දෙකක පහක වගේ වැඩ තමයි තියෙන්නෙ. අපි ඒව හදාගන්න හීන දකිනව අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාසෙකට කල් ඉකුත් වෙලා පුච්චන බෙහෙත් බිලියන ගණනින් විනාශ කරන්නෙ.
ඒවා පුත්තලම සිමෙන්ති කම්හලට යවල හැම මාසෙකම පුච්චනව. ඒවා අපරාධ ගණයට අයිතිවෙන ඒව. හැබැයි නීත්‍යානුකූලයි. ඒනිසා අපිමේ හැම දේම වෙනස් කලයුතුයි. දැනට අපි අමාත්‍යාංශ මට්ටමින් කරන්න පුළුවන්. හැමදේම කරනව අපිට නොයෙක් ප්‍රශ්න එනව. සමහර වෙලාවට මාධ්‍යවේදීන් අපෙන් ප්‍රශ්න අහනව. මේ බොහෝ අය මාධ්‍ය හැදුනුම්පතක් තිබුනට ඔවුන් ඖෂධ සමාගම් වල අය.
ඒ අය අපෙන් තොරතුරු ලබාගැනීමට තමයි කතා කරන්නෙ. මේක සංවිධාත්මක අපරාධ කරුවන්ගෙන් පිරිච්ච රටක් ඒක අපි දැන් ජාතික මට්ටමින් හොඳින්ම අත්විඳිනවා. ඉහල ඉඳල පහලටම ඇවිත් තියෙන්නෙ. රජයේ සේවකයො විදිහට ඔබ කොයිතරම් අමාරුවෙන්ද ජීවත්වෙන්නෙ කියන එක අපි දන්නව. මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් ඒවා පසෙකලා අපි එකතුවෙලා වැඩකරමු.”