කොස්තාපල් නායකත්වය දුන් කල්ලිය හංවැල්ල පොලීසියට.!

රුපියල් කෝටියකට ආසන්න රන් භාණ්ඩ කොල්ලකෑ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් හංවැල්ල ඉලුක්පිටිය නිවසකදී අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය සදහන් කරයි.

සැකකරුවන් සමග කොල්ලකන ලද රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කෑමට යොදා ගත් යතුරු පැදි දෙකක්, ආරක්ෂක හිස් වැසුම්, රන් භාණ්ඩ උකස් තබන ද රිසිට්පත් හා ව්‍යාජ රන් භාණ්ඩ මෙන්ම අයිස් මත්ද්‍රවද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකටයුතු පිරිසක් නිවසක් තුළ රැඳී සිටින බවට හංවැල්ල පොලිසියට ලද තොරතුරකට අනුව ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෝමාගම, කොට්ටාව, මීගොඩ හා හංවැල්ල පොලිස් වසම්වල ඉකුත් මාස කිහිපය තුළ මහ මග ගමන් ගත් කාන්තාවන්ගේ රන්මාල කොල්ලකෑම් ගණනාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

එම සැකකරුවන් විසින් කොල්ලකන ලද රන් භාණ්ඩ අවිස්සාවේල්ල ප්‍රදේශයේ රන් භාණ්ඩ උගස් ගන්නා මධ්‍යස්ථාන වලට උකස් තබා තිබීයදී සහ තවත් විවිධ පුද්ගලයන් වෙත විකුණා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.