By unusuma.lk on
(LK time)අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (20) දින ජාතික ජන බලවේග පළමු අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙිදී විශේෂ ස්තූතියක් කළාය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සදහන් කළේ,
“ගරු සභාපතිතුමනි මම මේක අවස්ථාවක් කරගන්නවා, මේ අපේ රට තුළ තීරණාත්මක සහ ඉතාමත්ම බැරෑරුම් පරිවර්තනයක් වෙනුවෙන් ඉදිරිපත් වුණ මේ, පළමුවැනි අයවැය ඉදිරිපත් කිරීමට ගරු ජනාධිපතිතුමාත්, නියෝජ්‍ය මුදල් ඇමතිවරුන් දෙදෙනාත්, මුදල් අමාත්‍යංශය, අනෙක් සියලුම අමාත්‍යංශ වල මහන්සි වුණ සියලුම නිලධාරින්ටත්, මේ අයවැය තුළ විවිධ යෝජනා ඉදිරිපත් කරමින්, විවේචන ඉදිරිපත් කරමින්, මේ අපි යන මග තවත් නිවැරදි කරන්න සහභාගී වු සියලුම දෙනාටමත් මෙම ස්තුතිවන්ත වෙන්න, ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.
කරගන්න බලාපොරොත්තු වෙනවා. මේක අපේ ආරම්භයක්. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළත් අපිට මේ මාසය තුළ පුදුම සහයෝගයක් ලැබුණා. මේක ස්තූති කතාවක් නෙමෙයි. ඒක හෙට වෙන්නේ. නමුත් මේක අවස්ථාවක් කරගන්නවා මේ අපිට සියලුදෙනාගෙන් ලැබුණු සහයෝගයට, මහින්සියටත් මේ පරිවර්තනීය ගමනට යන්න දායක වෙන සියලුදෙනාමට ස්තූතිවන්ත වෙන්න අවස්ථාවක් කරගන්නවා.”