By unusuma.lk on
(LK time)ඊයේ (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ සෑම විටම රටේ දූෂණය හා චංචාව නවත්වා ගැනීමට හැකි වන්නේ උඩින් ලබාදෙන ආදර්ශය මත බවත් වත්මන් ජනාධිපතිවරයා මේ වනවිට එම ආදර්ශය ලබාදී ඇති බවත් ය.
වත්මන් ආණ්ඩුව ජනතාවගේ මුදල් සත පහක් හෝ හොරකම් කර නොමැති බවත්, හිතවතුන්ට සැප පහසුකම් ලබාදී නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමන්ම සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය යනු බලය නොමැතිව ජීවත් වී පුරුදු පිරිසක් නොවන බවද, ඔවුන්ට ජීවත්වීමට කෙසේ හෝ ආණ්ඩුවේ මුදල් ප්‍රමාණයක් අවශ්‍ය බවද, ආණ්ඩුවේ මුදල් නාස්ති කිරීම ඔවුන්ගේ ප්‍රධාන විනෝදාංශයක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පසුපස දොරෙන් පිනට ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ යනු තනිකර හොරෙක් සහ හිඟන්නෙක් බවද, ඔහුට ජනාධිපති උපදේශකවරු 39 ක් සිටි බවද, ඔවුන් සියලු දෙනා ඔහුගේ හිත මිතුරන් බවද, ඔවුන්ට වාහනවලට අමතරව, වියදම් ලෙස මිලියන 59 ක වියදම් දරා ඇති බවද ඔහු තවදුරටත් පවසා සිටියා.
වත්මන් ජනාධිපතිවරයාට සිටින්නේ උපදේශකවරුන් තිදෙනෙක් පමණක් බවත්, ඔවුන්ද සේවය සපයන්නේ කිසිඳු මුදලක් අය කිරීමකින් තොරව බවයි අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.