By unusuma.lk on
(LK time)අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සදහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු හෙට (15) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇත.
මීට පෙරද අදාළ සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණ අතර පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ උසස් නිලධාරියෙකු ඇතුළු කිහිපදෙනෙකු ද හෙට දින කැදවා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණ එහි නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කරනු ලැබුවේය.