අවසන් කිරීමේ වගකීම අපි බාරගන්නවා.. රජයෙන් දැඩි තීන්දුවක්.!

අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී මාධ්‍ය අමතමින් සඳහන් කළේ ජනතාවගේ ආරක්ෂාව සැපයීමට රජය කටයුතු කරනා බවයි.

අපරාධ හා මිනීමැරුම් කාලයක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වන නමුත් එය විසඳීම වත්මන් රජයේ වගකීමක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෙසේවෙතත් මෙම සිදුවීම විශාල බරකින් යුතුව ආණ්ඩුව බාර ගන්නා බවද, රජයට සෑම මිනිසෙකුගේම ජීවීතය වැදගත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

තවමත් විමර්ශන ක්‍රියාත්මකවීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් නිවැරදිව යමක් ප්‍රකාශ කළ නොහැකි බවත්, මේ සිදුවීම සම්බන්ධයෙන් සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි අධිකරණ අමාත්‍ය, නීතීඥ හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.