සෞඛ්‍ය අංශයෙන් ජනතාවට දැනුම්දීමක්.!

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය අවදානම් සහගත බැවින් එයින් වැළකීමට කළ යුතු දේවල් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දීමක් කරයි.

සැත්කම් වලට භාජන වූ රෝගීන්, බෝ නොවන රෝග වලින් පෙළෙඟ වැඩිහිටියන් හැකිතාක් අධික උෂ්ණත්වයෙන් ඉවත්කර තබන ලෙසත් එම සියලුදෙනා වතුර වැඩිපුර ජලය පානය කරන ලෙස දැනුම් දෙයි.

දරුවන්ගේ ශරීරයේ සියයට 60ක් වතුර පවතින බැවින් ඔවුන්ට උෂ්ණත්වය වැඩිපුර බලපාන බැවින් සීනි නොමැති පලතුරු යුෂ හෝ පිරිසුදු පානීය ජලය වැඩිපුර පානය කරන ලෙසද සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

තවද දරුවන් වැඩි වේලාවක් අධික උෂ්ණත්වයට නිරාවරණය කර නොතබන ලෙසත් සුදු පැහැති ඇඳුම් පැලඳුම් අඳින ලෙසත් හිරු එළියට නිරාවරණය වන්නේ නම් අත් දිග ඇඳුම් අඳින ලෙසද දැනුම් දෙයි.

හිරු රශ්මිය මිනිස් සිරුරට අහිතකර බැවින් මේ දිනවල පාසල් වල පැවැත්වෙන නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සව සදහා සහභාගි වන දරුවන් පිරිසුදු පානීය ජලය ප්‍රමාණවත් තරම් භාවිතයට ගන්නා ලෙසද සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

හිරු එළියට නිරාවරණය වී සිටින අවස්ථාවක අධික විඩාවත් හෝ ක්ලාන්තගතියක් දැනෙන්නේ නම් වහාම සෙවණකට රැගෙන යන ලෙසත් ඔහුගේ තත්ත්වය දිගටම පවතීනම් වහාම වෛද්‍යවරයකු වෙත රැගෙන යන ලෙස දැනුම් දෙයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.