By unusuma.lk on
(LK time)අද (17) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ විදේශිය සංචාරකයන් රැගත් බස් රථයක් තංගල්ල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක පිටුපස ගැටී බිහිසුනු අනතුරක් සිදුවිය.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ බස් රථයේ රියදුරු රෝහල් ගතකිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර බස් රථයේ ගමන්ගත් විදේශ ජාතිකයින් ද තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විදේශීය ජාතිකයින් 30ක් පමණ ගමන් කර ඇති බව පැවසෙන අතර අනතුරට හේතුව මෙතෙක් නිෂ්චිතව හඳුනාගෙන නොමැත.
අනතුරෙන් බස් රථය සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.