උණුසුම් කාලගුණය ගැන ජනතාවට අනතුරු අඟවයි.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව හෙට (19) දින දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බව සදහන් කරයි.

උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර, මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි බැවින් අදාළ ප්‍රදේශවල ජනතාවට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, වැඩි වෙලාවක් සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ විවේකීව සිටින ලෙසද දැනුම්දීමක් කරයි.

වැඩිහිටි, රෝගී පුද්ගලයින් මෙන්ම කුඩා ළමුන් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් අධික වෙහෙසකාරී කටුයුතු සීමා කරන ලෙසත් හැකි පිරිදි සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ජනතාවට දැනුම්දීමක් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.