By unusuma.lk on
(LK time)හැටන් ෂැනන් වතුයායේ නිවාස පෙළක (03) දින රාත්‍රියේදී ගින්නක් හටගෙන ඇති අතර මෙම ගින්නෙන් නිවාස 24කට පමණ හානි සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
හැටන් දික්ඔය නගර සභා ගිනි නිවීමේ ඒකකය, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මෙම ගින්න නිවා දමා ඇත.
කෙසේ වෙතත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැක මතු වී ඇත.