By unusuma.lk on
(LK time)ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) සහ ඊට අනුබද්ධිත ශ්‍රී ලාංකික සංගම් වන මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU), නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) සහ ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සමඟ එක්වෙමින්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමේ නීතිපතිවරයාගේ ක්‍රියාමාර්ග දැඩි ලෙස හෙළා දකිමින් නිවේදන නිකුත් කර ඇත.
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැතිර යන දණ්ඩමුක්තිය අවසන් කිරීමට දැඩි හා කඩිනම් පියවර ගන්නා ලෙස එම මාධ්‍ය සංගම් සියල්ල රජයෙන් ඉල්ලා සිටිති.
එම සම්මේලනය ඉන් අවධාරණය කර ඇත්තේ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන විමර්ශනයට අදාළ සැකකරුවන් තිදෙනෙක් නිදහස් කිරීමට හැකි බව නීතිපතිවරයා දැනුම් දීමත් සමඟ,වසර 16කට පසුවත් එම ඝාතනයට යුක්තිය ඉටු කිරීම දිගින් දිගටම ප්‍රතික්ෂේප වීමක් බවයි.
මේ වන විට මාධ්‍යවේදීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින විවිධ මාධ්‍ය සංවිධාන ඇතුළු කණ්ඩායම් විසින් නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි සිදුවූ අපරාධවලට දඬුවම් නොලැබීමේ සංස්කෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර ඇත.
එම නිවේදනය පහතින්,