By unusuma.lk on
(LK time)මොරගහහේන පොලිසිය පවසන්නේ, අත්ලේ සඟවාගෙන රැගෙන යා හැකි ආකාරයේ අඟල් 4 – 1/2 ක් පමණ දිගැති ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් සහ 2.2 ජීව උණ්ඩ පහක් සහ 9mm වර්ගයේ ජීව උණ්ඩ 2 ක් කහතුඩුව මාගම්මන ඉදි කරමින් පවතින නිවසක කුෂන් මෙට්ටයක් තුල සඟවා තිබියදී සොයා ගත් බවයි.
පොලිසිය පවසන්නේ, එම ගිනි අවියේ හිමිකරු වන මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මස්සිනා ආධාර අනුබලදීම යටතේ හෝමාගම් දොලේ කඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
මීට සිව් දිනකට ඉහතදී ඉතාලියේදී මිය ගිය පුද්ගලයෙකුට අයත් හෝමාගම් මාගම්මන ඉඳි කරමින් පවතින නිවසක මත්ද්‍රව්‍ය චෝදනාවකට මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයෙකු විසින් ගිනි අවියක් සඟවා ඇති බවත් එය ඔහුගේ මස්සිනාට රැගෙන යාම සඳහා දුරකථන ඇමතුම් මඟින් උපදෙස් ලබා දී ඇති බවත් බස්නාහිර පළාතේ බුද්ධි කොට්ඨාසයේ මොරගහහේන පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන් (9294) රෝහණ නිලධාරියාට ලද තොරතුරක් ලැබී තිබූ බව පොලිසිය පවසයි.
ඒ අනුව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. සි. මදුශංක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකා හොරණ කඳවුරේ නිලධාරීන් සමඟ එම නිවස වටලා පුරා පැය 4 කට අසන්න කාලයක් සෝදිසියට ලක්කර මෙට්ටිය තුළ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ ගිණි අවිය සහ ජීව උණ්ඩ සොයා ගැනීමට සමත් වී ඇත.
පොලිස් නිලධාරීන් එම නිවස වැටලීමට පැය දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් සැකකරු. එම නිවස වෙත ගොස් ගිනි අවිය සොයා ගැනීමට උත්සාහ දරා ඇතත් එය නිශ්ඵල වී ඇතැයි සැකකරුගේ ප්‍රකාශයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි
මෙම ගිනි අවිය බන්ධනාගාර ගතව සිටින පුද්ගලයාට ලද ආකාරය සහ එමගින් මනුෂ්‍ය ඝාතන සිදුකර තිබේද යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනි අවිය කහතුඩුව පොලිසිය වෙත භාරදී ඇත.