By unusuma.lk on
(LK time)අද (26) දහවල් නීති විරෝධී කසිප්පු තිත්පලක් වැටලීම සඳහා මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයට ඉහළීන් පිහිටි කැලෑවට පිවිසි කන්දකැටිය පොලීසියේ නිලධාරි පිරිසක් අතර සිටි එක් නිලධාරියෙකුට අටවන ලද තුවක්කුවක් පත්තුවී බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලටත් අනතුරුව බදුල්ල ශික්ෂණ රෝහලටත් මාරුකර යැවූ බව පොලිසිය පවසයි.
කන්දකැටිය පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු ජානක පුෂ්ප කුමාර (36) නැමති පොලිස් නිලධාරියෙක් සිද්ධියෙන් තුවාල ලබා ඇත.
මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයට ඉහළීන් පිහිටි කැලෑවේ නීතිවිරෝධී කසිප්පු තිත්පලක් පවත්වාගෙන යන බවට පොලීසිය වෙත ලද තොරතුරක් මත අද 26 දහවල් කන්දකැටිය පොලීසියේ නිලධාරීහු කණ්ඩායමක් අග්ගලා උල්පත සෝදිසි මෙහෙයුමක් දියත්කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.
වැටලීම සඳහා එහි ගිය නිලධාරී පිරිසට කැලෑව තුලින් වෙඩි හඬක් ඇසීමත් සමගම දුරකතන ඇමැතුමක් දී පරීක්ෂා කරද්දී පොලිස් නිලධාරියාට වෙඩි වැදී ඇති බව දැනගෙන ඇත.
වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියාගේ උදර හා කොන්ද ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති බව පැවසේ.