By unusuma.lk on
(LK time)සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මාධ්‍ය හමුවකදී ඊයේ (19) සඳහන් කළේ ඉම්තියාස් බාකීර් මාකාර් විසින් පක්ෂ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බවට යොමුකළ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් භාර ගෙන නොමැති බවයි.
ඒ අනුව, ඉම්තියාස් තවමත් සමගි ජන බලවේගයේ සභාපතිවරයා බවත් ඔහු සමගි ජන බලවේගය තුළ සිටිය යුතු ගෞරවනීය දේශපාලඥයෙක් බව බව ත් මහලේකම්වරයා කීය.
ස.ජ.බ. පක්ෂ සහාපති ඉම්තියාස් බාකීර් මාකාර් සභාපතිකම සහ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව කියමින් ලිපියක් පක්ෂ නායකයා වෙත පෙරේදා (18) ලබාදී තිබේ.