77 වන නිදහස් උළෙල ඵෙතිහාසිකයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජාතික පුනරුදයට පෙළ ගැසෙමු යන තේමා පාඨය යටතේ 77 වන නිදහස් උළෙල (04) දින නිදහස් චතුරස්‍රයේදී අභිමානවත් ලෙස සමරයි.

ජනාධිපතිවරයා සිය භාර්යාව හෝ දරුවන් නොමැතිව තනිව නිදහස් උළෙලට පැමිණි අතර ජනාධිපතිවරයා නිදහස් උත්සව භූමියට කැඳවා ගෙන ඒමට ආශ්වාරෝහක බළ ඇණි හෝ පරිවාරක රථ හෝ පොලිස් යතුරු පැදි බළ ඇණි නොමැති වීම නිදහස් උළෙලේ විශේෂයෙන් කැපී පෙනෙන සිදුවීමකි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ තූර්ය වාදක හඬ හා මඟුල් බෙර, සක් හඬ මැද ජනාධිපතිවරයා ජාතික ධජය ඔසවමින් උත්සවය ආරම්භ කළ අතර අනතුරුව ජාතික ගීතය ගායනා කර, ඉන් අනතුරුව ජයමංගල ගීත ගායනා කරමින් ආශිර්වාද කළ පසුව ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය.

අනතුරුව පැවැත් වූ ත්‍රිවිධ හමුදා සම්මාන පෙළපාළිය උත්සවයට ගාම්භීරත්වයක් එක්කළ අතර වෙනත් නිදහස් දින සැමරුම්වලදී මෙන්, ගුවන් කරණම්, කෆීර්, මිග්, ඇන්ටනොව් යානා සංදර්ශන, පැරෂුට් සංදර්ශන, හා සන්නාහ සන්නද්ධ රථ පෙළපාළිය මෙවර දක්නට නොවීය.

රටේ සාමාන්‍ය ජනතාවටද උත්සවය නැරැඹීමට අවස්ථාව සලසා තිබීම මෙවර නිදහස් උළෙලේ විශේෂත්වයක් වන අතර ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඇතුළු ආදිවාසීන් පිරිසක්ද මෙවර නිදහස් උත්සවයට සහභාගි විය.

පසුගිය 2024 වසරේ නිදහස් උළෙලේ වියදම රුපියල් මිලියන 207ක් වන අතර මෙවර 2025 නිදහස් දින උළෙලේ වියදම පෙර වසරට වඩා රුපියල් මිලියන 130කින් පමණ අඩු කර තිබූ අතර එය රුපියල් මිලියන 77 ලෙස ඇස්තමේන්තු කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.