ඉන්දියාවේ තවත් බිහිසුණු හෙලිකොප්ටර අනතුරක්.!

අද (15) දින ඉන්දියාවේ වනාන්තරයකට හෙලිකොප්ටරයක් කඩා වැටී ගුවන් නියමුවා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ මෙම හෙලිකොප්ටරය වනාන්තරයකට කඩා වැටී මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුර ඉන්දීය වේලාවෙන් අද අලුයම 5.20ය සිදුව ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේදී මෙම හෙලිකොප්ටර යානය තුළ නියමුවා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු සිට ඇත.

මෙම හදිසි අනතුරින් ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව උත්තරාකන්ඩි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments