By unusuma.lk on
(LK time)ඉන්දියාවේ අහ්මදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේදී මගීන් 242 දෙනෙකු රැගත් එයාර් ඉන්දියා බෝයිං 787 ගුවන් යානය ගුවන්තොටුපළ අසලදී අනතුරට ලක්විය.
අනතුරෙන් පැය කිහිපයකට පසු ඉන්දීය මාධ්‍ය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය කිහිපයක් එහි සිටි සියලු දෙනාට දිවි අහිමි වූ බව තහවුරු කළද අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගන ඇති බව ඉන්දීය මාධ්‍ය පසුව වාර්තා කරයි.
මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ ඉන්දීය සම්බවයක් ඇති විශ්වාෂ් නම් 40 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන අතර ඔහු තම පවුලේ අය බැලීම සඳහා දින කිහිපයකට ඉන්දියාවට පැමිණ ඇත.
මෙම අනතුරින් දිවි ගලවා ගත් එක් අයෙකු සොයාගෙන ඇතත්, අනතුරෙන් මියගිය සංඛ්‍යාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.
එයාර් ඉන්දියා බෝයිං 787 ගුවන් යානය අනතුරට පත්වීමෙන් පසුව තාවකාලිකව අත්හිටුවන ලද අහමදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් මෙහෙයුම් සීමිත පදනමක් මත නැවත ආරම්භ කර ඇත.