By unusuma.lk on
(LK time)ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදය අද (05) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්විණි.
මෙම සංවාදයට සහභාගී වූ ඉන්දීය දූත පිරිස ඉන්දීය ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං විසින් මෙහෙයවනු ලැබූ අතර ශ්‍රී ලංකා දුත පිරිස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සමන්විත විය.
ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම, සමුද්‍රීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම සහ පුහුණුවීම් මෙන්ම උපායමාර්ගික කටයුතු යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීම වෙනුවෙන් නව මාර්ගයන් හඳුනා ගැනීම වැනි අන්‍යොන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙම සංවාදයෙහි විශේෂ අවධානය යොමු විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගු කාලීන ආරක්‍ෂක හවුල්කාරිත්වය යළිත් තහවුරු කරමින් දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම ආරක්ෂක සංවාදය සඳහා සහභාගි වූහ.
ආරක්ෂක සංවාදයට සමගාමීව අද දින ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හමුවීමට ද කටයුතු කළේය.

