ඉස්ලාමීය විප්ලවවාදී නායක හුසේන් සලාමී මරුට.!

IAF ජෙට් යානා යොදගනිමින් ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී මියගොස් ඇත.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කළ අතර එහිදී ප්‍රධානම ඉලක්කය වී ඇත්තේ ඉරානයේ බලගතුම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මූලස්ථානය වේ.

ඉරාන හමුදාපති මොහොමඩ් බගේරී ඇතුළු හමුදා ප්‍රධානීන් මෙන්ම ඉරාන න්‍යශ්ටික වැඩසටහනට සමබන්ධ විද්‍යාඥයින් රැසක්ම මෙම ප්‍රහාරවල ඉලක්කයන් වී ඇති බවත් අනතුරුව එම ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය සඳහන් කරයි.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළේ, අවශ්‍ය ඕනෑම කාලයක් දක්වා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම සිය සැලසුම බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments