ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කලොත් යුද්ධය අවසන්.!

මේ වනවිට ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධ ගැටුම් දිනෙන් දින උත්සන්න වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් සඳහන් කළේ, රටේ සියලුදෙනා එක්ව මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් සටන සිදු කළ යුතු බවයි.

ඊශ්‍රායලය තවදුරටත් ඉරානයට පහර දෙමින් සිටින බවත් එම ප්‍රහාර හමුවේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී මේ වනවිට ඉරානයේ රහසිගත ස්ථානයක බංකරයක් තුළ සැඟවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඝාතනය කිරීම, පවතින ගැටුම අවසන් කිරීමට හේතුවක් නොවනු ඇති නමුත්, පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීමට එය විසඳුමක් වේවි යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සඳහන් කරයි.

මේ අතර ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළහොත්, පාකිස්ථානයද ඊශ්‍රායලය එරෙහි න්‍යෂ්ටි ප්‍රහාරයක් එල්ල කරනු ඇති බව ඉරානය සඳහන් කළද, පාකිස්ථානය එය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments