By unusuma.lk on
(LK time)ඉරානය එල්ල කරන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට කටයුතු කරන රටවල් තුනකට ඉරානය විසින් අනතුරු අඟවා ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
එම රටවල් තුන ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලැබුවහොත් එම රටවල් තුනට අදාළ කලාපයේ පිහිටි නැව් සහ හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමට කටයුතු කරන බවට ඉරානය අනතුරු අඟවා ඇත.
ඒ අනුව ඉරානය විසින් අනතුරු අඟවා ඇති රටවල් තුන වන්නේ, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සහ ප්‍රංශයයි.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මේ වනවිට ඉරාන හමුදාපතිවරුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල හමුදාව වාර්තා කරයි.