රට පුරා 24ක් කොටඋඩ.. කෝටි 30ක් අපතේ යයි.!

රට පුරා වාරි ව්‍යාපෘති 24ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අතරමග නතර කිරීමෙන් රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් අපතේ ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සදහන් වේ.

වෙල්ලස්ස නවෝදය ව්‍යාපෘතිය යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ආරම්භ කර තිබූ වාරි ව්‍යාපෘති නවයක් නතර වීමෙන් කෝටි 19කට ආසන්න මුදලක්ද, වඩමාරච්චි කළපුවේ යාපනයේ ජනතාවට පානීය ජලය සැපයීම සඳහා රුපියල් කෝටි 200ක ඇස්තමේන්තුවක් යටතේ ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය අතරමග නතර වීමෙන් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක්ද මෙසේ අපතේ ගොස් ඇත.

තවද දලුල්ගල්ල වැව් ඉදිකිරීමට අදාළ මූලික කටයුතු අතරමග නතර කිරීමෙන් ලක්ෂ තිස් එකකට වැඩි මුදලක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය සහ වාහල්කඩ ගොවි ව්‍යාපාර වල ඇළ පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය අතරමග නතරවීමෙන් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් ද මෙසේ අපතේ ගොස් තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මේ අතර වගා බිම් සදහා ජල සැපයුම් ඉදිකිරීමට හියුම් පයිප්ප 1245 ක් ගොවි සංවිධාන වෙත නිකුත් කර තිබුණ ද එමගින් අපේක්ෂිත ජල සැපයුම් ඉදිකර නොතිබූ බවත් එම පයිප්ප වලින් හියුම් පයිප්ප 1166ක් 2023 වර්ෂයේ දෙසැම්බර් (31) දිනට පදවිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නිකරුණේ දමා තිබූ බව ජාතික විගණන කාර්යාලය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.