By unusuma.lk on
(LK time)රට පුරාම ගතවු අවුරුදු දහය තුළ සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් 9,000ක් වසා දමා ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සදහන් කරයි.
පසුගිය 2015 වසරට පෙර හාල් මෝල් 10,000ක් රටපුරා පවත්වා ගෙන ගිය බවත් ණය බර හාල් මෝල් වසා දැමීමට බලපා තිබෙන බවද සභාපති අනුරාධ තෙන්නකෝන් සදහන් කරයි.
දැනට පවත්වාගෙන යන සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් 1,000හි හිමිකරුවන්ගෙන් 800ක් ගත් ණය ගෙවා ගැනීමට නොහැකි වී වාණිජ බැංකු මගින් අසාදු ලේඛන ගත කර තිබෙන බවත් මෝල් 9,000ක් වසා දැමීමට ණය බර සහ ගෙවීම පැහැර හැරීමෙන් අසාදු ලේඛනගත වීම බලපා තිබෙන බවද සදහන් කරයි.
මාස් කන්නයේ වී මිලදී ගැනීමට වාණිජ බැංකු මගින් රුපියල් මිලියන 50 බැගින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය ලබාදීමට රජය තීරණය කර තිබුණත් බැංකුවල කොන්දේසිවලට අනුව හාල් මෝල් හිමියන් 9,800කට ණය ලබා ගැනීමට නොහැකි බවද සදහන් කරයි.
පැහැර හැර ඇති ණය අය කර ගැනීමේ පදනමින් සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන්ට මාස් කන්නයේ වී මිලදී ගැනීමට ණය නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් එමගින් සහතික මිලට පාරිභෝගික ජනතාවට හාල් සැපයීමේ රජයේ ඉලක්කයට ළඟා විය හැකි බවද සභාපතිවරයා සදහන් කරයි.