By unusuma.lk on
(LK time)අද (12) දිනයේ දිවයින පුරාම සංකේත වැඩ වර්ජනයකට යොමුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් අද දින උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර ඇත.
ඊයේ (11) දින පස්වරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.