ඉරාන අධ්‍යාත්මික නායකයා අමෙරිකාවට අනතුරු අඟවයි.!

ඉරානය හා ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි සෘජු ප්‍රතිචාර දක්වා ඇත.

ඊශ්‍රායලට එරෙහිව තමත් දියත්කරන ප්‍රහාරවලට අමෙරිකාව මිලිටරි මැදිහත්වීමක් සිදුකළ හොත් එය ඔවුන්ට ද ආපසු හැරවිය නොහැකි හානියකට මුල්වෙයි කියලා අමෙරිකානුවන් දැනගත යුතු බව අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි සඳහන් කරයි.

ඉරාන රූපවාහිනී නාලිකාවක් හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් තවදුරටත් සඳහන් කළේ, තම රට කිසිවිටකත් යටත් නොවන බවයි.

“ඉරානය, එහි ඉතිහාසය ගැන දන්නා බුද්ධිමත් පිරිස් කිසිවිටකත් තම රාජ්‍යයට තර්ජන කරන්න පෙළඹෙන්නේ නෑ. ඉරාන ජාතිය කාටත් යටත් වෙන්නේ නෑ.

ඒ නිසා අමෙරිකාව දැනගත යුතුයි ඔවුන්ගේ ඕනෑම යුදමය මැදිහත්වීමකින් නිසැකවම සිදුවෙන්නේ ආපසු හැරවිය නොහැකි හානියක් සිදුකරගැනීමක් පමණයි.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments