By unusuma.lk on
(LK time)ආනයන බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව එල්ලව වන චෝදනා සම්බන්ධයෙන් විශේෂ පැහැදිළි කිරීමේ මාධ්‍ය නිවේදනයක් ශ්‍රී ලංකා රේගුව විසින් අද (29) පස්වරුවේ නිකුත් කළේය.
එම බහාලුම් අතර එස්පෝ ලංකා යන ආයතනය නමින් ආනයනය කර ඇති බහාලුම් කිසිවක් අඩංගු නොවන බවත් විශේෂයෙන් සඳහන් කර ඇත.
එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමූහයේ නිර්මාතෘවරයා වනුයේ වත්මන් ආණ්ඩුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිස් යුසුෆ් මහතාය.
ඔහු මෙරට මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොල තුලත් කීර්තිමත් ව්‍යාපාරිකයන් අතලොස්ස තුළ ඉහලින්ම සිටිනා පුද්ගලයෙකි.
වත්මන් ආණ්ඩුකාර තනතුරට අදාල කිසිදු වරප්‍රසාදයක් ඔහු ලබාගෙන නොමැත.
කෙසේවෙතත් විවිධ පාර්ශව විසින් හනිස් මහතාගේ ව්‍යාපාරයට අයත් බහාලුම් තොගයක් මෙලෙස නිදහස් කර ඇති බවට චෝදනා එල්ලකරමින් ඇති පසුබිමක රේගුව විසින් මෙම නිවේදනය නිකුත්කිරීම සුවිශේෂී වෙයි.
කරුණු 8කින් යුත් මෙම නිවේදනයේ භාණ්ඩ නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව අනුගමනය කරන ක්‍රමවේදය, පරික්ෂාව සඳහා තෝරා ගන්නා ලද බහාලුම් නිදහස් කිරීම ප්‍රමාදවීමට හේතු වූ කරුණු ද එහි ඇතුළත් කර තිබේ.
තවද අවි ආයුධ, රත්‍රන් හා මත්ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධිව රට තුළට පැමිණීමේ හා රේගු ආදායම අහිමිවීමේ හැකියාවක් නොපැවති බවත් එම නිවේදනයෙන් ශ්‍රී ලංකා රේතුව වැඩිදුරටත් පවසා සිටියි.
අදාළ සම්පූර්ණ පැහැදිලි කිරීම පහතින්,