By unusuma.lk on
(LK time)ඊයේ (19) පස්වරුවේ කලුතරදි පැවැති ජනහමුව අමතමින් අනුර කුමාර දිසානායක ජනාදිපතිවරයා පැවසූවේ පසුගිය කාළසීමාව පුරා සිදුවූ මහා පරිමාණයේ වංචා දූෂණ සම්බන්ධයෙන් සියළු පරීක්ෂණ ඉතා ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන බවයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විසිරුවා හරින ලද අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් යලි එම ආයතනය තුළ ස්ථානගතකර වසා දැමුනු ලිපිගොනු සියල්ල යළි ක්‍රමානුකූලව විවෘත කර ඊට අදාළ විමර්ශණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද ජනපතිවරයා අවදාරණය කළේය.
“තව ලොකු දිනුම් පස්සට හොඳේ. විධිමත්ව කරන්නේ. මේ කටඋත්තරයක් අරන් රිමාන්ඩ් කරන එක නෙවේ වැඩේ. කටඋත්තරයක් ගත්තා රිමාන්ඩ් කරා, සති දෙකකින් ඇප දුන්නා. වැඩක් නෑ. අපි ඉතාමත් ශක්තිමත් ලෙස නඩු ගොනු කරනවා. නඩුවෙන් වරදකරුවෙක් කරලා හිරේ යවන්න ඕනෙ. ඒ නිසා එම නඩු ගොනු කිරීමේ කාර්‍ය කොතනකවත් පැටලෙන්න බෑ. සමහර ඒව පැටලුවේ අත්සන් කරන්න ඕනෙ කෙනා නෙවේ අත්සන් කළේ කියලා. සමහර ඒව පැටලුවේ හොරකම විශාල එකක්. හැබැයි චෝදනාව පොඩි එකක්. සමහර නිලධාරීන් මට කිව්වා සමහර ෆයිල් බොහොම අමාරුවෙන් හංගලා තියාගත්තේ කියලා. ඒ නිසා අදාළ ක්‍රමවේදය ශක්තිමත් කරලා වේගයෙන් නඩු පවරන්න කටයුතු කරනවා. කලබලවෙන්න එපා.
කීපයක් මේ ජනවාරි අග වැටෙනවමයි. පෙබරවාරි මාසෙත් වැටෙනවා. හොඳ ශක්තිමත් නඩු. සමහර අය ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා ඉන්නේ.. මමත් ගන්න හවුල් උනා තමයි ඒත් වැඩිපුරම ගතත්තේ අරයා කියලා. පොඩි කෙනා බේරමු, මොකද ලොකු කෙනා අල්ලගන්න ඕන නිසා”