2025 ජනවාරිය ඉතිහාස ගතවෙයි.!

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බවයි.

2024 ජනවාරි මාසය සමග සැසඳීමේදී මෙවර වාර්තා වී ඇති ප්‍රේෂණ ප්‍රමාණය 17.5%ක කැපීපෙනෙන වර්ධනයක් පෙන්වයි.

පසුගිය 2024 සමස්ත වර්ෂය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 6.57ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති අතර එම ප්‍රමාණය 2023 වසරේ ලද ප්‍රේෂණ ප්‍රමාණය 2023 වසර සමග සැසඳීමේදී 10.1% ක වර්ධනයකි.

විදෙස්ගත ශ්‍රමිකයින් හරහා ශ්‍රී ලංකාවට ලැබෙනා විදෙස් විනිමය මෙරට අපනයන ආදායමට පසු දෙවැනි විශාලතම ආදායම වෙයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.