“අපේ ආණ්ඩුවක් යටතේ පිළිතුරු ලැබෙයි” දේපොළ වන්දි ගැන ජොනී අදහස් දක්වයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් සමඟ පැවැත්වූ සාකච්ඡාවලකට සහභාගීවීමෙන් අනතුරුව අද (12) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මැදිහත්ව සිදුකරනු ලබන මඩ ප්‍රහාරයන් සඳහා තම රජයක් යටතේ ඉදිරියේදී පිළිතුරු දීමට සූදානම් බවයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ එම සිදුවීමේදී තමාට අයත් ගොඩනැගිලි 14ක් විනාශ කළ බවත් ඒවා උසිගැන්වූ පිරිස් පිළිබඳ තම රජයක් යටතේ අනිවාර්‍යෙන්ම කොමිසමක් පත්කර සොයාබලනා බවයි.

එදිනට එම පිරිසට ඒ සඳහා වගකීමට සිදුවන බව පැවසූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නලින්ද ජයතිස්ස මහතාගේ පක්ෂය එම විනාසය සඳහා ප්‍රධාන වශයෙන් වගකිවයුතු බවත් සඳහන් කළේය.

ගිනි තැබූ නිවාසවලට වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් කොලේ වසා නොගසන ලෙස තමන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට දැනුම්දෙන බවත් එම වන්දි ලබාගත්තේ මොනවාටද යන්න පැහැදිලිව සඳහන් කළයුතු බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.