By unusuma.lk on
(LK time)ඉන්දීය වන්දනා ගමනකින් පසුව තිස්සමහාරාමය වෙත පැමිණි හයදෙනකු හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා දෙබරවැව මූලික රෝහලට පසුගිය (14) වැනිදා ඇතුළත් වී ඇත.
කෙසේ වෙතත් එම පිරිසෙන් එක් රෝගියකු හුස්ම ගැනීමේ දැඩි අපහසුතා මතකරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.
මෙම රෝගීන්ට වැලඳී ඇත්තේ ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරසයට සමාන වෛරසයක් ද යන්න තහවුරු කර ගැනීමට එම රෝගීන්ගෙන් ලබාගත් සාම්පල හම්බන්තොට මහ රෝහලට සහ කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය වෙත යවා ඇති බවද වාර්තා වේ.
මෙම රෝගීන්ට වැලදී ඇත්තේ සාමාන්‍ය රෝගී තත්ත්වයක්ද.? විශේෂ රෝගී තත්ත්වයක්ද.? යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.