සැමට ඉහළින් බොරු කියන නාලිකාවට අධිකරණ ඇමතිගෙන් දැනුම්දීමක්.!

දූෂණ විරෝධී පනත යටතේ නියෝග පිළිබඳ විවාදය ආරඹමින් අධිකරණ අමාත්‍ය හර්ශණ නානායක්කාර මහතා පවසා සිටියේ විපක්ෂයේ අසත්‍ය කරුණුවලට ගැලපෙන මාධ්‍ය ජාලා කිහිපයක් තිබෙන බවයි.

සැමට ඉහළින් ඇත්ත දකින බව පැවසුවද එම නාලිකාවට පෙනනේනේ බොරුව පමණක් බව හර්ෂණ මහතා පැවසීය.

ලංකාවට ගෙනා ඉමියුනොග්ලොබියුලින් එන්නත සම්බන්ධයෙන් බොරු පුවතක් ඉදිරිපත් කිරිමෙන් පසු දැන් එසේ නොකියූ බව සපථ කරමින් එම නාලිකාව දිගින් දිගටම එකම ප්‍රවෘතිය විකාශය කරමින් සිටින බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ආණ්ඩුවක් ලෙස භාෂණයේ නිදහසට ගරු කරනා බවත් ඒ නිහතමානීකම නිවට කමක් ලෙස සලකා කවුරුන් හෝ ක්‍රියා කරනවා නම් ඒවාට පිළිතුරු නීතිය හරහාලබා දීමට සුදානම් බව අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේවෙතත් ආණ්ඩුව ඉලක්ක කරමින් අසත්‍ය වැපිරුවද මල්ලිට ජනාධිපති සමාව කිසිවටකත් ලබා නොදෙන බවද අමාත්‍යවරයා පැවසුවේය.

සැමට ඉහළින් ඇත්ත දකින බොරු කියන නාලිකාව මම අධිකරණයට අපහාසකළා කියනවා. මම අවුරුදු 25 අධිකරණයේ ජිවත්වුණ කෙනෙක්. කාගෙන්වත් හොරා කාපුවා ආච්චිල දීපු මැණික්මලු තිබුණේ නැහැ. අපි දන්නවා අධිකරණයට ගරුකරන්න ඕන විදිය.

මගේ ප්‍රකාශයෙන් කොටසක් සංස්කරණය කරලා දාලා ලියවිල්ලක් ලියලා ඒ අසත්‍ය ප්‍රකාශයට උඩගෙඩි දෙන්න උත්සහ කරලා තියනවා.

අපි විපක්ෂයේ ඉන්කොට ඉල්ලුවා නිතියේ විධානයේ ආධිපත්‍ය සැමට සමානව නිතිය ක්‍රියාත්මක කරන්න අධිකරණය නිතිපති  ස්වාධිනව තියන්න ඔවුන්ට බලපැම් කරන්න එපා කියලා. අපි ආණ්ඩුව අරන් කියන්නෙත් ඒක තමයි.

සමහරු හිතන් ඉන්නවා අධිකරණ ඇමති ගිහිල්ලා හොරුන්ව ගිහින් නඩු අහන්න නැතුව කණෙන් ඇදගෙන ඇවිත් හිරේ දාන්න ඕන කියාල. සුදු වෑන් යවලා එහෙම කරපු කාලයක් තිබුණා. නමුත් අපි දුන් භාෂණයේ නිදහසින් අසත්‍ය ප්‍රකාශකරණ අයට අපි කියනවා ඔහොම නෙමෙයි කෙහොම කිවුවත් මල්ලිට ජනාධිපති සමාව දෙන්නේ නැහැ.

ඒක නම් ඔය ට්‍රයි කරන්නේ අදාල නාලිකාව ජනාධිපති සමාව ඉල්ලන ක්‍රම තියනවා. අපිව ඉලක්ක කරලා අසත්‍යවපුරන එකෙන් ඔයාගේ මල්ලිය ජනාධිපති සමාව දෙන්නේ නැහැ.අපි එන්න කලින් අදාල පුද්ගලයා අවුරුදු එකහමාරක් හිටියේ කිසිදු ලෙඩක් නැතුව බන්ධනාගාර රෝහලේ.

වෛද්‍යවරු 17 දනෙකෙුගෙන් යුතු වෛද්‍ය මණ්ඩලෙන් තමයි මල්ලිට ලෙඩක් නැහැ කියලා හොයා ගත්තේ. ඒකේ හැම වෛද්‍යවරයෙක්ම හිටියා ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් නැතුව. සමහරු කියනවා ඔය අපේ කාලේ දාපු නඩුව.

මා මේ කියු කිසිවක් අධිකරණයට බලපෑමක් හෝ ස්වාධීනත්වයට හානි කිරිමක් නෙමෙයි. නමට නිතිඥවරු උසාවිට වැස්සකට නොගිය ලෝකොලේජ් එකේ ප්‍රින්සිපල් එක්සැම් ලියලා පාස් වුණ අයට මේක තේරෙන්නේ නැහැ.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments