පාස්කුවේ යුක්තිය වෙනුවෙන් අපිට පාරට බහින්න සිදුවෙනවා.!

පාස්කු ප්‍රහාරයට සය වසක් සම්පූර්ණවීමට පෙර ඊට අදාළව සාධාරණයක් ඉටුවනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ පවසන්නේ පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරයට පෙර යුක්තිගරුක සහ සාධාරණ සංඥාවක් නොලැබෙන්නේ නම් නැවත වතාවක් මහ පාරට බැසීමට සිදුවන් බවයි.

කොළඹ අගරදගුරු මැදුරේදී අද (15) පැවති ජන සන්නිවේදන සමුළුවට සහභාගී වෙමින් උන්වහන්සේ ඒ පිළිබඳ අවධාරණය කළේය.

“පාස්කු ප්‍රහාරය පිළිබඳව රට පාලනය කළ අය පොරොන්දු දුන්නා. පොරොන්දු දීලා එක පොරොන්දුවක් වත් ඉශ්ට කළේ නෑ.  අපි මේ රජය බලයට පත් කරන්නට කටයුතු කළේ ඒ ක්‍රමවේදය වෙනස් කරන්න. නමුත් ඒ ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැත්නම් අපිට ආපහු සැරයක් හිතන්න වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් අපි තාමත් ඉල්ලා සිටින්නේ එදා කටුවාපිටිය දේවස්ථානයේදී ජනාධිපතිතුමා විසින් දෙන ලද පොරොන්දුව ඉෂ්ට කරන්න, කටයුතු කරන්න හැකි ඉක්මනින්…

ඒ නිසා 6 වැනි සංවත්සරයට කළින් අපිට මේ පිළිබඳව යුක්තිගරුක සහ සාධාරණ සංඥාවක් ලැබුණොත් රජයෙන් අපි කැමතියි ඒ ගැන සතුටු වෙන්න. නැත්නම් ඉතිං අපිට සිදුවෙනවා නැවත වරක් පාරට බහින්න”

Loading

We are happy to invite you.