මහනුවර දළදා දැක්ම දික්කරයි.!

පැවැත්වීමට නියමිත දළදා දැක්මට බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සදහන් කරයි.

ඒ අනුව අප්‍රේල් මස පැවැත්වෙන දළදා දැක්ම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ අවසරයෙන් එය තවත් දින කිහිපයකින් දීර්ඝ කර ගැනීමට රජයට අදහසක් ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

දළදා දැක්ම කාලයේ බැතිමතුන් අති විශාල පිරිසක් මහනුවර නගරයට එක් රොක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට රජය මේ වනවිට සියලු සැලසුම් සකස් කොට තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අප්‍රේල් මස (18) වැනිදා සිට (27) වැනිදා දක්වා මහනුවර නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රඥාව වඩවන ආකාරයේ වැඩසටහන් සැලසුම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ශ්‍රී දළදා දැක්මට අදාළ ප්‍රචාරක කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දළදා මාලිගාවේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

0
Would love your thoughts, please comment.x
()
x