පැය 24ම මුහුණු හොයන්න කටුනායක අලුත් වෙයි.!

කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ආගමන විගමන කවුළු සඳහා මුහුණු හඳුනා ගැනීමේ කැමරා සවිකිරීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇත.

දැනට එහි ආරක්ෂක කැමරා සවිකර ඇත්තේ කවුළු 08ක පමණක් බවත් මෙම වැඩපිළිවෙළ යටතේ ආගමන විගමන කවුලු 30කට එම ආරක්ෂිත උපාංග පොලීසිය මැදිහත්ව සවිකරන බව අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධ කරුවන්, වරෙන්තු කරුවන් හා අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් විදේශගත වීම හා විදේශවල සිට පැමිණීමේදී හඳුනා ගැනීම එමගින් සිදු කළ හැකි බවත් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 24 පුරා අධීක්ෂණය කෙරෙනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එලෙස මුහුණු හඳුනා ගැනීමේ ආරක්ෂක කැමරා සියලු කවුලුවලට සවි කරන තෙක් දැනට එම කැමරා සවිකර ඇති කවුලු හැකි සෑම අවස්ථාවේදීම භාවිත කරන ලෙසට ආගමන විගමන අංශවලට උපදෙස් ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments