By unusuma.lk on
(LK time)ගනේමුල්ල සංජීව නම් පාතාල කල්ලි නායකයා වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකරු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඝාතනය පිළිබඳ කරුණු රැසක් අනාවරණය කරගෙන තිබුණි.
එහිදී ඔහු පවසා තිබුණේ රුපියල් ලක්ෂ 150ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකළ බවත් අත්තිකාරමක් ලෙස ඉන් රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබාගත් බවත්ය.
එමෙන්ම තමා දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවත් ඊට අවශ්‍ය මුදල් සොයාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකළ බවත් අදාළ සැකකරු විසින් පාපොච්චාරණය කර ඇති බව වාර්තාවේ.
එහිදී ඝාතකයා විසින් සිදු කළ තවත් කුලී ඝාතන කිහිපයක්ද අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇති අතර ගල්කිස්ස ප්‍රදේශයේ පසුගිය දිනක ජීවිතයක් අහිමිකරමින් තවත් අයකුට බරපතල තුවාල සිදුකළ අභිරහස් ඝාතකයා තමා බවද ඔහු පිළිගෙන තිබෙනවා.
එමෙන්ම සීදුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සහ ඔහුගේ පුතා ඝාතනය කිරීම ඇතුළු මෙවැනි මිනීමැරුම් පහකට තමා සම්බන්ධ බව ඔහු පාපොච්චාරණය කර ඇති බව සඳහන්.
විශේෂ කාර්ය බළකාය විසින් පුත්තලම ප්‍රදේශයේදී සැකකරු පරීක්ෂා කරන අවස්ථාවේදී ඝාතයා ඉතාම සන්සුන් ආකාරයෙන් හැසිරී ඇති බවත් තමා නීතිඥයෙකු බව පවසමින් හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඇති බවත් වාර්තාවෙයි.
වෙඩි තැබීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණයෙන් ඉවතට පැමිණෙන ඝාතකයා අවට සිටි පිරිසට පවසා ඇත්තේ “ගනේමුල්ලේ සංජීව පැනගත්තා.. ඇතුලේ වෙඩි තියෙනවා” යනුවෙනි.
කෙසේ වෙතත් රිවෝල්වරය අධිකරණ භූමියට රැගෙන ආ ඝාතකයාගේ සහායිකාව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැති අතර ඇය පින්පුර දේවගේ ඉෂාරා සිව්වන්දී නම් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් බව අනාවරණය කරගෙන තිබේ.
මෙම කාන්තා විසින් දැනට ඩුබායි රාජයේ සැඟවී සිටින පාතාල නායකයකු ලෙස හැඳින්වෙන කෙහෙල් බද්දර පද්මයේ නමැති පුද්ගලයන් සමඟ මෙම ඝාතනය සැලසුම් කර ඇති බව අනාවරණය වී ඇත.
කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ පියා සහ ඔහුගේ සමීපතීමයින් රැසක් මින් පෙර ගනේමුල්ලේ සංජීව විසින් ඝාතනය කර තිබූ බවද සඳහන්.