රජයේ මුදල් අවභාවිතා කළ කෙහෙළියගේ සේවිකාවක් අත්අඩංගුවට.!

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසක සේවය කළ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි රාජපක්ෂ සුබසිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන සේවිකාව අද (11) දින අත්අඩංගුවට ගෙන ඇත.

සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධව මේ වනවිට සිදුකරගෙන යන විමර්ශනයට අදාළව මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව සඳහන් කරයි.

අනතුරුව අත්අඩංගුවට ගත් කාන්තාව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (17) වනදා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments