By unusuma.lk on
(LK time)හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් රුපියල් 240,000කට ආසන්න මුදලක් සිය පෞද්ගලික ජංගම දුරකථන බිල ගෙවීමට භාවිත කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව (18) දින කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනිණ.
මෙහිදී අල්ලස් කොමිසමේ මෙහෙය වීම යටතේ පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සිදුවු අතර වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන ජුනි මස (13) වැනිදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
රජයට පාඩුවක් සිදු කළැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන අයට එරෙහිව එම නඩුව ගොනුකර ඇත.