රුපියල් බිලියනයක බඩු කොප්පරා හන්දියෙන් අල්ලයි.!

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (01)රුපියල් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් හා එහි රියදුරු මීගමුව කොප්පරා හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ සිට බෝට්ටුවලින් මෙම මත්පෙති නීතිවිරෝධි ලෙස මෙරටට රැඟෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව කොළඹ – මීගමුව ප්‍රධාන මාරගයේ කොප්පරා හන්දියේදී වෑන් රථයක් පරික්ෂා කර තිබුණි.

එහි තිබී රුපියල් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති ලක්ෂ 05ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර බලපත්‍රයක් නොමැතිව මත්පෙති සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කිරීම හේතුවෙන් වෑන් රථයේ රියදුරු,ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනය සහ එම වෑන් රථය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවීම් නියෝග මත වැඩිදුර විමර් ශන ආරම්භ කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.