ඊයේ (21) පස්වරුවේ කොටහේන – ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ ජංගම දුරකතන අලෙවි සැලකදී පුද්ලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ මහමොළකරු, මෝදර නිපුන නැමැත්තෙකු බවට අනාවරණය වී තිබේ..
වෙඩි තැබීමෙන් අනතුරුව පලා යමින් සිටි වෙඩික්කරුවන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් දෙදෙනා ප්‍රකාශ කර ඇත්තේ, මෙම ඝාතනය සිදු කරන ලෙසට තමන්ට කොන්ත්‍රාත්තුව ලැබුණ බවයි.
මෙම සැකකරුවන් දෙදෙනා විසින් සිදු කළ වෙඩි තැබීමකින් කොටහේන ප්‍රදේශයේ දුරකතන අලෙවිසැලක සිටි 37 හැවිරිදි ශෂි කුමාර් නැමැති පුද්ගලයෙකු මියගියා.
කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ මොවුන් සගවා තිබූ ගිනි අවි පෙන්වීමට යාමේදී පොලිසියේ ගිනි අවි උදුරා ගැනීමට උත්සහ කිරීම හේතුවෙන් ජීවිතාරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් වෙඩි තබා ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ.