වෙඩි තැබීමකින් අවුරුදු 09ක දැරියක් ජීවිතක්ෂයට.!

හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රී කාලයේදී වෙඩි වැදීමකින් රෝහල්ගත කළ කාන්තාවක් සහ වයස අවුරුදු 09 ක් වූ දැරියක් අතරින් දැරිය මියගොස් ඇත.

තුවාල ලැබූ දැරිය සහ කාන්තාව කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මෙලෙස දැරිය මියගොස් ඇති බවයි පොලීසිය පවසයි.

ඌරන් දඩයම් කරනා පිරිසක් විසින් තැබූ වෙඩි ප්‍රහාරයක් වැදීමෙන් මෙලෙස දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මියගිය දැරිය සිය මිත්තණිය සමඟ නිවසේ රැඳී සිට ඇති අතර නිවස ආසන්නයේ කෑ කෝ ගැසීමේ ශබ්දය නිසා නිවසින් ඉවතට පැමිණීමේදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.

සිදුවිමට අදාළව සැකකරුවෙකු හෙට්ටිපොල පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.