By unusuma.lk on
(LK time)අද (17) පස්වරුවේ කුලියාපිටිය නගරාධිපති අපේක්ෂක, හිටපු නගරාධිපතිවරු සහ ආසන සංවිධායකවරු කිහිප දෙනකුට පහරදීමක් සිදුව ඇති බව කුලියාපිටිය පොලිසිය පවසයි.
අද (18) පැවැත්වෙන කුලියාපිටිය නගර සභා සභාපති තෝරා පත්කරගැනීම වෙනුවෙන් කුලියාපිටිය හෝටලයක පැවති සාකච්ඡාවකදී පහරදීම සිදුව තිබේ.
සාකච්ඡාව අතරතුර එක්වරම නැගීසිටි බුද්ධික මහේෂ් මන්ත්‍රීවරයා තමන්ටද සභාපති ධූරය අවශ්‍ය බව පවසා ඇති අතර එහිදී ඇති වූ උණුසුම් තත්ත්වයක් මත මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ.
එසේ පැවසීමෙන් සාකච්ඡාව උණුසුම් වූ බවත් එහිදී බුද්ධික මහේෂ් නැමැති මන්ත්‍රීවරයා විසින් පිරිසට පහර දුන් බවයි පහරකෑමට ලක්වූ සභාපති අපේක්ෂක ගාමිණී කරුණාරත්න පැවසීය.