By unusuma.lk on
(LK time)අද (10) දින අළුයම 4.55ට පමණ කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වු බස් රථයක් නතර කර තිබියදී මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වු බස් රථය එහි පිටුපස ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
මෙම බිහිසුණු බස් අනතුරින් පිරිමි පුද්ගලයින් 3ක් සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබු 20ක පිරිසක් මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇත.
කෙසේ වෙතත් ප්‍රතිකාර ලබමින් සිටින 4 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයකු සදහන් කරයි. දොරටියාව පොලීසිය සහ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
පිටුපසින් පැමිණි බස් රථයේ අධික වේගය මෙම අනතුරට හේතුව බව පොලීසිය සැක පළ කරන අතර එක් බස් රථයක රියදුරෙකු පළා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.