කොට කොට ගියොත් කොට උඩ.. කුරුණෑගලින් වැට බැඳෙයි.!

කුරුණෑගල බස් නැවතුම්පළින් ගමන් ආරම්භ කරන ඇතැම් මාර්ගවල ගමන් ගන්නා පෞද්ගලික බස් රථ මඟ කොට කොට යෑම සම්බන්ධව මගී ජනතාව නිතර නිතර පැමිණිලි කිරිම සැලකිල්ලට ගෙන ජී.ජී.ඒස් තාක්ෂණය යොදා ගනිමින් මෙසේ අතර මඟ කාලය කා දමන බස් රථ සම්බන්ධව තාක්ෂණය ඔස්සේ තොරතුරු ලබාගැනීමට කටයුතු කරන බව වයඹ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විජිත බණ්ඩාරනායක මහතා පැවැසීය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අයත් කුරුණෑගලින් ගමන් ආරම්භ කරන මාර්ග 33ක ධාවනය වන බස් රථ අතරින් ඇතැම් මාර්ගවල බස් රථ අතරමඟ නවතා කාලය කා දැමීම සම්බන්ධව ජනතාව දැඩි අප්‍රසාදය පළ කරන අතර මේ සඳහා ක්‍රමවේදයක් සෑදීමට වසර ගණනාවක් ගත වී ඇතත් මෙතෙක් එයට විසඳුමක් නොමැති නිසා ගුණාත්මක මගී සේවාවක් සඳහා තාක්ෂණ උපයෝගී කර ගනිමින් අතරමඟ කාලය කා දැමීම සම්බන්ධව සියලු තොරතුරු ලබාගෙන අදාළ ආයතනවලට දැනුම් දීමටත් ඉදිරියේදී එවැනි බස් රථ සම්බන්ධව අදාළ බලධාර්න් සමඟ තීන්දු තීරණ ගැනීමටත් ජී.පී.එස්. තාක්‍ෂණය ඉතා වැදගත් බවත් කොට කොට යන බස් රථවලට කොට උඩ සිටින්නට සිදුවනු ඇතැයි විජිත බණ්ඩාරනායක මහතා කීය. 

බස් රථ ගමන් ආරම්භ කිරීම සඳහා වැඩි කාල පරාසයක් ලබාදීම හේතුවෙන් ගමනාන්තයට පෙර ප්‍රධාන නගර කීපයක නතර කර තබා ධාවනය කිරීමෙන් මෙවැනි ගැටලු ඇතිවන නිසාම මේ වන විට ඔවුන්ට ලබා දෙන කාලපරාසය කෙටි කර ඇති බවත් එවැනි තත්ත්වයක් මත කොටා කොට යෑමට හෝ ප්‍රධාන බස්නැවතුම්පොළවල විනාඩි 10 – 15 නවත්වාගෙන සිටීමට අවස්ථාවක් නොලැබෙන බවද බණ්ඩාරනායක මහතා පෙන්වා දුන්නේය. වයඹ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අයත් බස් රථ සම්බන්ධව නීතිර්ති පැනවීමට හැකියාවක් නොමැති අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු සියලු ආයතන එක්ව ගුණාත්මක මගී සේවාවක් සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට යෝජනා කරන බවත් බලය විමධ්‍යගත කර ගනිමින් පෞද්ගලික බස් රථ සේවාව රැකගත හැකි බවත් එසේ නොමැතිව බලය බදාගෙන පෞද්ගලික බස් රථ සේවාව පවත්වාගෙන යෑමට උත්සාහ කළොත් මගී ජනතාව ශීඝ්‍රයෙන් පොදු ප්‍රවාහනය ප්‍රතික්ෂේප කිරීමට ඉඩකඩ ඇති බවද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විජිත බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments