මෝල් අමාරුවට ලාල්ගේ නාස් ලණුව වැටෙයි.!

වි අළෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසූවේ මේ වනවිට කුඩා, මධ්‍යම සහ මහා පරිමාන සියලුම වී මෝල් ලියාපදිංචි කිරීමට රජය පියවර ගෙන ඇති බවයි.

ලියාපදිංචිය සඳහාවන අයදුම්පත් සියලුම ප්‍රදේශීය ලේකම් කාර්යාල වලින් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් සභාපතිවරයා සඳහන් කළේය.

වී තොග සැඟවීම හරහා වෙළඳපොළ තුළ කෘතීම සහල් හිඟයක් ඇතිකිරීම වැලැක්වීම සඳහා වී තොග සම්බන්ධයෙන් නිවැරදි දත්ත රජයට ලබා ගැනිම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් පැවසීය.

වී තොග රැස්කරන පිරිස සම්බන්ධයෙන් විධිමත් දත්ත පද්ධතියක් ඉදිරියේදී ගොඩනැගීමේ අරමුණින් වී අලෙවි මණ්ඩල පනත අනුව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව සභාපතිවරයා පැවසීය.

එමෙන්ම ලියාපදිංචි නොවන වී මෝල් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සභාපතිවරයා අවධාරණය කළේය.

Loading

Tell me 💬
Notify of
guest
7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.