By unusuma.lk on
(LK time)ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් සිය පියාගේ ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ආයාචනාකරමින් අගමැතිනිය වෙත ලිපියක් යොමු කර තිබේ.
නීතිපතිවරයා විසින් බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙන් එහි දක්වා තිබේ.
එම ලිපිය හරහා වික්‍රමතුංග මහතාගේ දියණිය දන්වා ඇත්තේ පසුගිය දා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විමර්ශනයේ දී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ලබාදුන් නිර්දේශය පිළිබඳ තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇති බවයි.
කෙසේවෙතත් මෙම ආන්දෝලනයට තුඩුදි ඇති සිදුවීම හේතුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නීතිපති පාරින්ද රණසිංහ මහතා සමඟ සාකච්ඡාවක් අද (6) පස්වරුවේ කැඳවා ඇති බවද වාර්තා වේ.